Up next

පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chiken bbq recipe sinhala | bbq sauce recipe

8 Views· 08/04/24
admin
admin
Subscribers
0

BBQ Sauce රෙසිපිය සහා BBQ seasoning powder රෙසිපිය මෙතනින් ගන්න


⭕ චිකන් සීසන් කිරීම සඳහා.., ⭕

1. චිකන් 1 Kg
2. මිරිස් කුඩු මේස හැඳි 4
3. ඉගුරු අගලක ප්‍රමාණයක්
4. සුදු ලූණු බික් 5
5. සෝයා සෝස් මේස හැදි 2
6. දෙහි ගෙඩියක යුෂ
7. විනාකිරි මේස හැඳි 2
8. කහ කුඩු තේ හැදි භාගයක්
9.BBQ Seasoning powder මේස හැඳි 2
( මෙම විශේෂ කුළුබඩු මිශ්‍රණය පහලින් අරගන්න 👇 )

සීසන් වෙන්න BBQ සෝස් එකෙන් මේස හැඳි 4ක් 5ක් දාන්නත් පුළුවන්. එතකොට තවත් රසයි.

⭕ BBQ sauce ( සෝස් එක සදහා ) ⭕

1. ලොකු ලූනු ගෙඩියක් පුළුවන් තරම් චූටියට කපා ගන්න.
2. ඉගුරු සුදුළූණු මේස හැඳි 1
3. අමු මිරිස් කරල් 2 - 3
4. දුඹුරු සීනි , පැණි හෝ හකුරු මේස හැඳි 1-2
5. BBQ seasoning powder තේ හැදි 1
6. මිරිස් කුඩු මේස හැඳි 1 - 2
7. කහ කුඩු තේ හැදි භාගයක්
8. දෙහි යුෂ තේ හැදි 1
9. සෝයා සෝස් මේස හැදි 5
10. තක්කාලි සෝස් මේස හැඳි 2

සෝස් එක හදලා කැමති නම් ඉගුරු සුදුළූණු ටික පෙරලා යුෂ විතරක් ගන්න පුළුවන්. එතකොට ශීතකරණයේ දාලා තියා ගන්නත් පුළුවන්.

⭕ BBQ seasoning powder එක සදහා... ⭕

1. කරාබු නැටි 5
2. එනසාල් 5
3. සූදුරු තේ හැදි 1
4. අගලක කුරුඳු කෑල්ලක්
5. ගම්මිරිස් ඇට මේස හැඳි 3 - 4
6. කරපිංචා කිනිත්තක්
7. සාදික්කා හෝ වසාවාසි කුඩා ප්‍රමාණයක්
8. සීනි තේ හැදි 1

මේවා එකට දමා තාච්චියක විනාඩි 2 ක් පමණ රත් කර හොදින් කුඩු කර ගන්න.

යාලුවනෙ චිකන් ටික සීසන් වෙන්න අඩුම තරමින් පැය 3ක් වත් තියන්න. පැය 7ක් 8ක් ශීතකරණයේ තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

මේ කියපු විදියටම හදලා බලන්න. ගැටලුවක් තියෙනවානම් comment කරන්න යාලුවනෙ. තෙරුවන් සරණයි

Show more

 0 Comments sort   Sort By


Up next